Thursday, November 26, 2015

Tension increases between Turkey and Russia

තුර්කිය විසින් රුසියානු ජෙට් යානායවක් බිම හෙලීමෙන් පසු රුසියාව හා නේටෝ පාලනයේ පවතින තුර්කිය අතර ගැටුම්කාරී උණුසුම් තත්වයක් අැතිවෙමින් පවතින අතර,



රුසියාව විසින් තම ජෙට් යානා සදහා නවීන මිසයිල් අාරක්ෂක පද්ධතියක් සවිකිරීමට තීරණය කර තිබේ.

රුසියානු ජෙට් යානය තම ගුවන් සීමාවට අතුලු වූ බවට තුර්කිය විසින් කරන චෝදනාව රුසියානු ජනාධිපති වැලඩමිර් පුටීන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අැත. නමුත් තුර්කිය පවසන්නේ මෙම ජෙට් යානාවට තම ගුවන් සීමාවට අැතුළු නාෙවන ලෙස කිහිප වතාවක් අවවාද කළ බවයි.