Thursday, November 26, 2015

ISIS teenage "poster girl" Samra Kesinovic has been beaten to death

ඉස්ලාම් රාජ්‍යය හෙවත් ISIS කණ්ඩායමෙන් මිදී පලායාමට උත්සාහ කළ 17 හැවරිදි ඔස්ට්‍රියානු ජාතික තරුණියක් සිරියාවේදී පහරදී මරාදමයි.
පසුගිය වසරේ අැය තම 15 හැවරිදි මිතුරියද සමග වියනාහි පිහිටි තම නිවසින් පැනගොස් ISIS සමග ඒකතු වී අැති අතර ඉන්පසු අැය ISIS කණ්ඩායම විසින් සමාජ-ජාලා වෙබ් අඩවි හරහා ප්‍රචාරය කළ පෝස්ටරයකටද පෙනී සිට අැත.


මෙසේ පලායාමට උත්සාහ කිරීමට පෙර අැය ISIS කණ්ඩයම විසින් කරණු ලබන මරා දැමීම් දැක බලවත් මානසික පීඩනයකින් පසු වූ බවත් අවසාන කාලයේ අැය නැවත ගෙදර ඒමට කැමැත්තෙන් සිටි බවත් අැගේ මිතුරියන් පවසා තිබේ.